28 C
Colombo
Friday, February 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsHealthපාසල් සිසුන්ටත් ඒඩ්ස් වැළඳෙයි

පාසල් සිසුන්ටත් ඒඩ්ස් වැළඳෙයි

2023 වසර ආරම්භයේ සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ජානකි විදානපතිරණ පැවසුවාය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙම ආසාදිතයන් අතර පාසල් සිසුන්ද සිටින බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15- 24 යන වයස්වල පසුවන්නන් බවත්ය.

එමෙන්ම වෛද්‍යවරිය පැවසුවේ ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සියලු පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරන බැවින් ජනතාවට අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා යොමු වන ලෙසයි.

ඒඩ්ස් රෝගීන් සඳහා මේ වනවිට ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බව පැවසූ වෛද්‍යවරිය කියා සිටියේ එම ඖෂධය භාවිත කිරීමෙන් 2030 වසර වනවිට ඒඩ්ස් ආසාදිතයන් ගණන 0.001 දක්වා අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි.