27.2 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙහෙත් ගන්න ආ කතට අතවර කළ දොස්තර අත්අඩංගුවට

බෙහෙත් ගන්න ආ කතට අතවර කළ දොස්තර අත්අඩංගුවට

කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන වෛද්‍යවරයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදු කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරයෙකි.

මොහු විසින් පුලියන්කුලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සිය වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි තමාට වෛද්‍යවරයා අතවර කළ බව පවසමින් අදාළ තරුණිය පොලීසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා.

ඒ අනුවයි අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.