27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්දවීම ගැන විමර්ශන

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් ඇන්දවීම ගැන විමර්ශන

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා විසින් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කිසියම් පිරිසක් විසින් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවා ඇති අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් ඊයේ දිනයේදී සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟයි මේ පිළිබඳව කතාබහක් සමාජය තුළ මතුව ආවේ.