31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදෙස් රටක ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා තියුණු කඩුවක් සමග අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මොහු මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ වෙඩි තැබීම් වලට අවශ්‍ය සිටි පුද්ගලයෙකු බවයි.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ (26) පන්නල පොලිස් වසමේ මොරයාලේවත්ත, හෙන්ඩියගල, සඳලංකාවේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වරයක් හා කඩුවක් සන්තකයේ තබාගෙන සිටි සදලංකාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.