25.6 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිඹුලාඇළ ගුණාගේ ගෝලයෙක් අයිස් එක්ක අල්ලයි

කිඹුලාඇළ ගුණාගේ ගෝලයෙක් අයිස් එක්ක අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරන් නොහොත් ‘කිඹුලාඇළ ගුණා’ නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ (26) වැල්ලම්පිටිය පොලිස් වසමේ, කුමාරදාස පෙදෙසේ කරනු ලැබූ වැටලීමකිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරන් නොහොත් කිඹුලාඇළ ගුණා නැමැත්තාගේ සමීපතමයෙකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.