23.9 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස

අඩු ආදායම්ලාභීන්ට චීන ආධාර යටතේ නිවාස

චීන රජයේ ආධාර මත අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට ඊයේ (27) අත්සන් තබා තිබෙනවා.

බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදීයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

අදාල ගිවිසුමට චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් අත්සන් තබා තිබෙනවා. වසර තුනක් තුළ ඉදි කෙරෙන මෙම නිවාස 1,996 න් නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන් කෙරෙනවා.

ඒ අනුව පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්, දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්, මොරටුව බැටරි වත්ත, නිවාස 575 ක්, මහරගම අඹවත්ත නිවාස 112 ක් සහ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක් වශයෙන් ඉදි කෙරෙනවා. කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108යි.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48කි.