32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසෞදිය සමඟ මෙරට ක්ෂේත්‍ර රැසක් පුළුල් කිරීමට අවධානය

සෞදිය සමඟ මෙරට ක්ෂේත්‍ර රැසක් පුළුල් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් (Faisal F. Alibrahim) ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීයි මේ බව අවධානය යොමු වී ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව දෙරට අතර පවතින සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව නිරීක්ෂණය වී ඇති බවයි කියා සිටියේ.

බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා කලාපීය කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා.

සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිළි කළ ජනාධිපතිවරයා එම ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද අමත්‍යවරයා දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.