28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් නිලධාරියෙක් දියේ ගිලුණු දැරියක් බේරාගනී

පොලිස් නිලධාරියෙක් දියේ ගිලුණු දැරියක් බේරාගනී

මුහුදට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ දැරියක් බේරාගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට හැකිව තිබෙනවා.

ඊයේ (28) උදෑසන කාලයේ පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් මෙලෙස මුහුදට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරියෙක් වහාම ක්‍රියාත්මක වී ඇයගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සියදිවි හානිකරගැනීමට තැත්කර ඇත්තේ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක්.

අදාළ දැරිය ඇයගේ මව වෙත භාරදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.