― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ රජයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමිනි.

සමහර අවස්ථාවල කතා කරනවාට වඩා කතා නොකර නිහඬව ඉන්න එක හොඳ බව පාර්ලිමේන්තුවේදීත් විවිධ ස්ථාන වලදීත් හිතෙන බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කලේ එච්චරටම අපි සිහින ලෝක ගොඩක් දැක අවසාන බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයට වෙන තැනකට යනකොට කොළ මිටියක් අරගෙන යන යුගය මීට අවුරුදු 20 කට ඉහත දී අවසන් වෙන්න තිබුණේ. තාමත් අපේ අය අද රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගියොත් ආයෙමත් ඉල්ලනවා කොළ ටික. එහෙම රටකට ඉදිරියට යන්න පුලුවන්ද?”