29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ඇම්බර් ඇඩ්වෙන්චර් සහ අම්බුළුවාවට කේබල් කාර් ව්‍යාපෘතියක් ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සමඟ ඩොලර් මිලියන 4.5ක ගිවිසුමක් අත්සන් කළ බව ආයෝජන මණ්ඩලය පවසනවා.

අත්සන් කරන ලද මෙම ගිවිසුම ජාත්‍යන්තර සංචාරකයින්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නව පිටුවක් ද විවෘත කරන බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් හි තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥතාවයෙන් යුතුව මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකරන බව ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙම කේබල් කාර් සංචාරයේ මුළු දිග කිලෝමීටර් 1.5ක් වන අතර, ස්ථාන තුනකින් පිටවීමේ සහ ඇතුළුවීමේ පහසුකම් සපයනු ලබනවා. කේබල් කාර් මාර්ගය සැලසුම් කර ඇත්තේ ජෛව විවිධත්ව මධ්‍යස්ථාන වනාන්තර හරහා බව ආයෝජන මණ්ඩලය සඳහන් කරනවා.