27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඕමානයේදී මියගිය ලාංකික කතකගේ දේහය දිවයිනට

ඕමානයේදී මියගිය ලාංකික කතකගේ දේහය දිවයිනට

ඕමානයේ ගෘහ සේවයට ගිය 39 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ මෘත දේහය මෙරටට එවා තිබෙනවා.

ඇය ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමිනුයි ඇයගේ දේහය මෙරටට එවා ඇත්තේ.

නිකවැරටිය කොටහෙර ප්‍රදේශයේ පුද්ගලයෙකු හා හලාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු එක්ව ව්‍යාජ විදේශ රැකියා ආයතනයකින් සංචාරක වීසා ලබා දී ඇයව ඕමානයට පිටත් කර තිබූ බවයි ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ.

ආනමඩුව කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් වූ ජේ.ඒ.ශිරෝමි ජයකොඩි වසර 18 ක කාලයක් කුවේට් හා සෞදි අරාබිය ඇතුළු රටවල ගෘහ සේවිකාවක ලෙස සේවය කර තිබේ.

ඇය එරටදී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් ඇගේ මෘත දේහය මෙරටට එවා ඇති අතර ඇයගේ ඥාතීන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට තරම් ගැටලුකාරී තත්ත්වයක් ඇයට නොතිබූ බවයි.