27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටින් ඉන්දියාවට රැගෙන ගිය රත්තරන් කිලෝ 08ක් අල්ලයි

මෙරටින් ඉන්දියාවට රැගෙන ගිය රත්තරන් කිලෝ 08ක් අල්ලයි

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් දක්වා රැගෙන ගිය කිලෝ 8ක් බරැති රත්රන් බිස්කට් තොගයක් ඊයේ (29) දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙරළාරක්ෂක නිලධාරීන් සැක කටයුතු බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මෙම රත්රන් තොගය සොයා ගැනීමට හැකිවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සැකකරුවන් බෝට්ටුවකින් රත්රන් තොගය රැගෙන යමින් සිටියදී වෙරළාරක්ෂක නිලධාරීන් එම සැක කටයුතු බෝට්ටුව නතර කරන ලෙසට නියෝග කර තිබෙනවා. එහෙත් සැකකරුවන් නිලධාරීන්ගේ නියෝග නොතකා පලා ගොස් තිබූ බව සඳහන්.

අනතුරුව වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ වෙඩි තැබීම් හමුවේ සැකකරුවන් බෝට්ටුව අතහැර පලා ගොස් තිබෙනවා. පසුව සැකකරුවන් අතහැර ගිය බෝට්ටුවේ කළ පරීක්ෂාවේ දී ති තිබී රත්රන් කිලෝ 8ක් සොයාගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් රත්රන් තොගය අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් දකුණු ඉන්දීය රේගු කාර්යාලය වෙත යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.