― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් - දිනේෂ්

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී අද (01) අවධාරණය කළා.

ඔහු මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායකවරයා 27-2 යටතේ නියමිත ප්‍රශ්නය ඇසීමේ දී ඒ සමගම වෙනත් ප්‍රශ්නයක් ඇසූ බවත් එම නිසා කුමන ප්‍රශ්නයකට පිළිතුරු දියයුතු දැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කථානායකවරයාගෙන් විමසූ අවස්ථාවේදීයි.

ඒ අනුව ලබාදී ඇති 27-2 ප්‍රශ්නයට අමතරව තවත් 27-2 ප්‍රශ්නයක් ඇද්දැයි ඇසූ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා මේ සම්බන්ධයෙන් එක් නියෝගයක් ලබාදිය යුතු බවත් එය හෙට (02) සිට හෝ ක්‍රියාත්මක කරවිය යුතු බවත් අවධාරණය කළා.

කථානායකවරයාට හෝ විපක්ෂ නායකවරයාට අවශ්‍ය නම් ස්ථාවර නියෝග අවභාවිත කළ හැකි වුවත්, ආණ්ඩු පක්ෂයට එසේ කළ නොහැකි බව ද තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන දිනක, අදාළ ස්ථාවර නියෝග අනාගතයට ආරක්ෂාකර දී යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ගිනි ගැනීමක් වැනි හදිසි අවස්ථාවක් ගැන විපක්ෂ නායකවරයාට හදිසි ප්‍රශ්න ඇසිය හැකි වුවත්, පාර්ලිමේන්තුව තුළ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ඔහු කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා.

පාර්ලිමේන්තුව විහිළුවට ලක් නොකරන ලෙසත් නාඩගමක් නොකරන ලෙසත් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනක ම උදෑසන නාඩගමක් මෙන් පෙනෙන බවත්, දේවාලයේ නැටුමක් මෙන් මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.