― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅභයාරාමයේත් විදුලිය විසන්ධි කරලා

අභයාරාමයේත් විදුලිය විසන්ධි කරලා

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේත් විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ දිනවල ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත්, විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ පසුගිය සෙනසුරාදා දිනයේදී විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි.

කිසිදු දැනුම්දීමකින් තොරව මෙලෙස විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ. රුපියල් 6,000 වැනි මුදලක් ගෙවීමට තිබූ බවත් රතු බිලක් පන්සලට නොපැමිණි බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.