24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයාමක්

මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයාමක්

නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) දින නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (04) උදෑසන 10.30 ට පමණ මෙම නායයාම සිදු වී ඇති අතර පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරීමේදී මාර්ගයේ බෑවුම ප්‍රදේශයෙන් රථවාහන ධාවනය නොකරන ලෙසයි.

තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් නායයාමේ සහ පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා රථ වාහන ධාවනයේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසයි නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.