27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් හා තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් මත්කරල් ජාවාරමේ යෙදුණු අයෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අනුරාධපුර පොලිස් වසමේ නව නුවර පාර, ගුවන් හමුදා කඳවුර අසල 4 කණුව හංදියේදී සිදු කළ වැටලීමකිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක තරුණයෙකු බවයි පොලීසිය පවසන්නේ.

මොහු සන්තකයේ තිබී මත් කරල් 250 ක් සොයාගෙන ඇති අතර අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක වෙනත් පුද්ගලයකුද මත් කරල් 150 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.