28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිජවුම් චණ්ඩ සුළි කුණාටුවක් වී ඉන්දියාවට

මිජවුම් චණ්ඩ සුළි කුණාටුවක් වී ඉන්දියාවට

බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 04 දින පැය 23.30 වන විට උතුරු අක්ෂාංශ 14.5° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කිලෝමීටර් 520ක් පමණ උතුරු දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) දිනයේ පැය 11.30 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිපයක් අද (05) ඇති විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.