27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහැරී හා මේගන්ගේ පට්ටම් ගලවන්න නව පනතක්

හැරී හා මේගන්ගේ පට්ටම් ගලවන්න නව පනතක්

සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාර්කෙල් ඔවුන්ගේ එම පදවිවලින් නෙරපීම සඳහා පනත් කෙටුම්පතක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වනවිට හැරී කුමරු සහ මේගන් කුමරිය සිදුකර ඇති ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචන එල්ලවීමට පටන්ගෙන ඇති අවස්ථාවක මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

රාජකීයයන් ජාතිවාදී බව ප්‍රකාශ කරමින් හැරී කුමරු සහ මේගන් යුවළ රාජකීයයන්ට චෝදනා එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන රැසක් ඔවුන් දෙදෙනාට එරෙහිව එල්ලවෙමින් පවතිනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වන ඔමිඩ් ස්කොබීගේ නවතම ග්‍රන්ථය වන ‘එන්ඩ් ගේම්’ වෙත අදහස් දක්වමින් හැරී සහ මේගන් මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් හැරී කුමරු සහ මේගන් මෙලෙස ඔවුන් දෙදෙනාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දැකගත හැකියි.

මේ අතර ආර්චි කුමරුගේ සමෙහි වර්ණය පිළිබඳ තෙවැනි චාල්ස් රජු සහ කේට් කුමරිය සැලකිල්ලක් දැක්වූ බවට හැරී කුමරු සහ මේගන් චෝදනා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි විලියම් කුමරුගේ ස්ථාවරය වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී තෙවැනි චාල්ස් රජු හමුවීමට විලියම් කුමරු බලාපොරොත්තුවෙන් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.