කටුනායක ගුවන්තොටුපොළේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබේ.
දකුණු ඉන්දියාවට මේ වනවිට බලපා ඇති මිජවුම් සුළි කුණාටුව හේතුවෙනුයි මෙලෙස ගුවන් ගමන් නවතා දමා ඇත්තේ.
ශ්රී ලංකන් ගුවන් සමාගම ප්රකාශ කළේ ඒ හේතුවෙන් ඊයේ (04) ගුවන් ගමන්වාර දෙකක් නතර කළ බවත් නැවත දැනුම දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට තීරණය කර ඇති බවත්ය.