29.1 C
Colombo
Wednesday, February 28, 2024

ව්‍යාඝ්‍ර කූඩුවක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ‘Shair Bagh’ (සිංහ උද්‍යානය) නම් ප්‍රාදේශීය සත්වෝද්‍යානයේ කොටි කූඩුවේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ විකෘති වී ගිය මළ සිරුරක් හමුවී තිබෙනවා.

ප්‍රාන්තයේ වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව කොටියන් විසින් අදාළ මළ සිරුරේ කකුල් ඇතුළු ශරීරයේ පහළ කොටසේ මස් අනුභව කර ඇති බව සඳහන්.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔහු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි බවටයි හෙළිවී ඇත්තේ.

සත්වෝද්‍යානයේ සේවකයෙකු විසින් එහි රඳවා සිටි කොටි හතර දෙනාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම මිනිස් සිරුර සොයාගෙන ඇති බව පැවසෙනවා.

කොටි කූඩුවෙන් මිනිසෙකුගේ සිරුරක් හමුවීම පිළිබඳ පන්ජාබ් ප්‍රාන්ත නියෝජ්‍ය කොමසාරිස් සහීර් අන්වර් ජප්පා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් පවත්වන අතර නොසැලකිලිමත් ලෙස ක්‍රියා කළ සත්වෝද්‍යාන නිලධාරීන්ට දඬුවම් කරන බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය බහවල් වික්ටෝරියා රෝහලේ (BVH) මෘත ශරීරාගාරය වෙත ගෙන යනු ලැබුවා.

සත්වෝද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කරන බහවල්පූර් කොට්ඨාශ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ අලි උස්මාන් බොඛාරි පැවසුවේ තමා නිල රැස්වීමක් සඳහා මුල්තාන් වෙත ගිය අතරවාරයේ කොටි කූඩුවේ මිනිසෙකුගේ මළ සිරුරක් හමුවීම පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ඉක්මනින් ආපසු පැමිණි බවයි.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු හෝ මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව පෙනී ගොස් ඇති අතර කොටි විසින් සිරුරේ පහළ කොටසේ මස් අනුභව කළද, වින්දිතයාගේ මුහුණ සහ ඉහළ කොටස් තවමත් නොවෙනස්ව පවතින බවත් භාරකරු ප්‍රකාශ කළා.

මෙම පුද්ගලයා කොටි කූඩුවට ප්‍රවේශ වූයේ කෙසේද යන්න පිළිබඳව රාත්‍රී මුර සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතයි.

මේ අතර පන්ජාබ් භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරමින් පන්ජාබ් වනජීවී ලේකම්ගෙන් සහ බහවල්පූර් කොමසාරිස්ගෙන් වාර්තාවක් ද ඉල්ලා තිබෙනවා.

Latest

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින්...

පාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවි සැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා...

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා...

මුහුදට වැටී මියගිය පුද්ගලයා ගැන බිරිඳට සැකයක්

පසුගිය 25 වැනිදා බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා...

Don't miss

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් – විපක්ෂ නායක

අද රටේ ඇත්තේ කැලෑ නීතියක් බවත් කතානායකවරයා දෙවරක්ම ආණ්ඩුක්‍රම...

රනිල් ජනපති අපේක්ෂකයා කිරීම පක්ෂයේ තීරණය නෙවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය...

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

මේ මොහොත වනවිට මෙරට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත්...

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

ගිණිකෙළි කර්මාන්තශාලවක ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ගිණිකෙළි නිපදවන ස්ථානයක ඇති වූ ගින්නකින් තිදෙනෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. පසුගියදා (26) පස්වරුවේ හදිසියේම ඇති වූ මෙම ගින්නෙන් ගිනිකෙළි කර්මාන්තශාලාවේ...

පාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවි සැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදිකරු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා සූරියවැව ප්‍රදේශයේදී...

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක

විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (28) සිය සේවා කටයුතුවලින් ඉවත් වී තිබෙනවා. ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලය, සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇතුළු සියලු විශ්ව විද්‍යාලවල...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here