― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsනඩු භාණ්ඩ ඉස්සූ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට

නඩු භාණ්ඩ ඉස්සූ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ සොරකම සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ නඩු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 12 වැනිදා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

මෙම සොරකම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් මස 26 සහ 28 දිනවල මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ බහු කාර්යය සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කළ දෙදෙනෙකු සහ පසුගිය 2 වනදා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

02 වැනිදා මෙම සොරකමට ආධාර අනුබල දීම සහ මිලට ගැනීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු ද මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් සොරකම් කළ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ රිවොල්වර අවියක් අලෙවි කර තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

02 වැනිදා අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මාතර අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී සොරකම් කර අලෙවි කරන ලද තවත් ගිනි අවි දෙකක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිවී ඇතැයි සඳහන්.

ඒ අනුව පසුගිය 4 වැනිදා සහ 6 වැනිදා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු සහ එම අවි දෙක රුපියල් 220,000කට මිලදී ගත් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ අවියක් හා මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතොරම් යෙදිය හැකි රිවොල්වර අවියකට සමාන අවියක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මෙම සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 27 30 සහ 30 වයස්වල පසුවන නාඳුගල සහ වෙහෙරහේන ප්‍රදේශවල පදිංචිකරුවන්.

විමර්ශනවලට අනුව මාතර අධිකරණයෙන් සොරා ගන්නා ලද ටී 56 වර්ගයේ ගිනි අවියක්, රිවොල්වර අවි දෙකක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

අපරාධයට සම්බන්ධ අධිකරණයේ බහු කාර්ය සංවර්ධන නිලධාරීන් රඳවා තබාගෙන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.