― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsකපුවාගේ ප්‍රහාරයෙන් අයෙක් ජීවිතක්ෂයට - කතක් රෝහලට

කපුවාගේ ප්‍රහාරයෙන් අයෙක් ජීවිතක්ෂයට – කතක් රෝහලට

මඩකලපුව, වාකරේ පොලිස් වසමේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයකට සුවය පතා ගිය සහෝදරයන් දෙදෙනෙකුට එම දේවාලයේ කපු මහතා ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් කාන්තාව තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (06) සිදුව ඇති අතර දේවාලයේ කපු මහතා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අනුර ජයලත් වන අතර ඇයගේ සොහොයුරිය වන 61 හැවිරිදි සුමිතා ජයරංගනී බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තම කකුලට විදුලි සැර වැදීමෙන් ඇති වූ රෝගය සුවකර ගැනීම සඳහායි ඔහු මෙලෙස දේවාලයට ගොස් ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා හා දේවාලයේ කපු මහතාගේ බිරිඳ අතර අනියම් සම්බන්ධතාවක් පවතින බව කපු මහතාට දැන ගන්නට ලැබී තිබෙනවා.

කෙසේනමුත් යළි දිනෙක මෙම පුද්ගලයා හා ඔහුගේ සොහොයුරිය තම දේවාලයට පැමිණි බව දැනගත් කපු මහතා කෝප වී මොවුන් දෙදෙනාට පහර දී තිබෙනව.

ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර ඇති අතර ඇයගේ සහෝදරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් දේවාලයට පැමිණි මෝටර් රථයටද කපු මහතා විසින් අලාභ හානි සිදු කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.