29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපාස්කු ප්‍රහාරය ගැන 4 වතාවක් තොරතුරු ඇවිත් - සුසිල්

පාස්කු ප්‍රහාරය ගැන 4 වතාවක් තොරතුරු ඇවිත් – සුසිල්

පාස්කු ඉරිදා හෝ ඊට පෙර කතෝලික පල්ලි සහ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල වන බව පාස්කු ප්‍රහාරය එල්ල වීමට කලින් අවස්ථා 04කදී බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබූ බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී ඇතැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඬහ්හන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේනමුත් මෙම පිළිතුර පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බවයි අප්පුහාමි මන්ත්‍රිවරයා පැවසුවේ.

එම තොරතුරුවලට අනුව බුද්ධි අංශ නිලධාරීන් හරි විදිහට කටයුතු කළා ද නැද්ද යන්න පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇති බවත් ඒ අනුව 2019/04,18,20,21 යන දිනවලදී මෙම දැනුම් දීම කර ඇති බවත් සුසිල් ප්‍රෙමජයන්ත අමාත්‍යවරයා අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ රාජ්‍ය බුද්ධි අංශ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මෙම සිද්ධි පිළිබඳ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව පසුගිය 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා කාලංකුඩා ප්‍රදේශයේදී යතුරුපැදියක් පුපුරවා හැරීම මින් එක් සිද්ධියක් වන අතර පාස්කු ප්‍රහාරය අත්හදා බැලීමක් ලෙස එම පිපිරවීම සිදුකර ඇති බව සහරාන් ගනුදෙනු කරන විදේශ ජාලය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම කටයුතු මෙසේ කර තිබියදී මේ සම්බන්ධයෙන් වගකීම් ඉටු කර නැති පිරිස පිළිබඳ මේ වෙනුවෙන් පත් කළ කමිටු වාර්තා වේ සඳහන් වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.