27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැට් බදු වැඩි කිරීමට මම විරුද්ධයි - නාමල්

වැට් බදු වැඩි කිරීමට මම විරුද්ධයි – නාමල්

වැට් බදු වැඩි කිරීමේ රජයේ යෝජනාවට තමන් පෞද්ගලිකව විරෝධතාවය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

කෙසේ වෙතත් වැට් බදු වැඩි කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තමන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.

මේ අතර සරල බදු ක්‍රමයක් සහ ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් රට තුළ ක්‍රියාත්මක විය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.