22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිළිනොච්චියේ ක්ලේමෝ බෝම්බ කම්හලක් අල්ලයි

කිළිනොච්චියේ ක්ලේමෝ බෝම්බ කම්හලක් අල්ලයි

කිලිනොච්චිය, – නාච්චිකුඩා ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ නිෂ්පාදනය කරමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන ඒකකය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් නිෂ්පාදනය කරන ලද විශාල ප්‍රමාණයේ ක්ලේමෝ බෝම්බ 13ක් සහ බෝම්බ කොටස් සොයා ගෙන තිබෙනවා.

එක් අයෙක් මන්නාරම වේලන්කුලම් ප්‍රදේශයේ අයෙකු වන අතර අනෙක් පුද්ගලයා කිලිනොච්චිය – නාච්චිකුඩා ගම්මානයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් නාච්චිකුඩා ප්‍රදේශයට ගොස් සැකපිට අදාළ පුද්ගලයාගේ සේවා ස්ථානය පරීක්ෂා කිරීමේදී ක්ලේමෝ බෝම්බ සෑදීමට යොදාගත් ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

මේ අනුව සකස් කර සඟවා තිබූ ක්ලේමෝ බෝම්බ සහ බෝම්බ කොටස් සොයා ගෙන ඇත.