32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහොර පාස්පෝට් එකෙන් කැනඩා යන්න හැදූ තරුණයා කොටු

හොර පාස්පෝට් එකෙන් කැනඩා යන්න හැදූ තරුණයා කොටු

ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙක් ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (10) රාත්‍රී 07.10ට දෝහා බලා පිටත්ව යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 217 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා රාජ්‍යයේ ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් මොහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ.

එම පරීක්ෂා කිරීම්වලදී වෙනත් අයෙකු සතු කැනඩා ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුවෙහි තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කිරීම සදහා මොහුගේ කැනඩාවේ වාසය කරන පුද්ගලයෙකු ශ්‍රී ලංකා තැරැව්කරුවෙකුට රුපියල් හතලිස් ලක්ෂයක් ගෙවා ඇති බව ද මොහු ආගමන විගමන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට සැකකරු ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.