― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ලයි

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ අයෙක් අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ රුපියල් විසි දෙලක්ෂ අසූදහසක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මොහු ඩුබායි සිට ඕමානයේ මස්කට් නුවර වෙත පැමිණ, එතැන් සිට අද (11) අලුයම 03.30ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම පුද්ගලයා රැගෙන ආ ගමන් මළු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 22,800ක් අඩංගු කාටූන් 114ක් සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.