එලැඹෙන උත්සව සමය හේතුවෙන් ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) යන දෙදින තුළදී වෙළෙඳපොළට නිකුත් කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ.
වෙළෙඳපොළේ බිත්තර මිල හිතුමතේට ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි ඔහු පැවසුවේ.