32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදක්ෂිණ අධිවේගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූ⁣ව හුවමාරුවෙන් වැලිගම සහ කනංකේ දක්වා සැහැල්ලු වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ වැලිගම හා කනංකේ අතර ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

කෙසේවෙතත් විශාල ප්‍රමාණයේ වාහන සඳහා එම ස්ථානයෙන් ගමන් කිරීමට බාධාවක් නොමැති බවත් ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුවද, මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවද පිටවීම සඳහා භාවිතා කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා.