23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ නිවාස 100ක ජල සැපයුම විසන්ධි කරලා

කොළඹ නිවාස 100ක ජල සැපයුම විසන්ධි කරලා

මාළිගාවත්තේ නිවාස සංකීර්ණයක නිවාස 100 ක පමණ ජල සැපයුම අද (13) පෙරවරුවේ විසන්ධි කර තිබේ.

මෙලෙස ජල සැපයුම වසන්ධි කර ඇත්තේ මාළිගාවත්තේ ශ්‍රී සද්ධර්ම මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකයි.

මේ හේතුවෙන් එහි පදිංචිකරුවෝ දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන එම නිවාසවලට ජල සැපයුම සම්බන්ධයෙන් පැවති ජල කාන්දුවක පාඩුවක් එම නිවාසවල පංචිකරුවන්ගේ බිලට එකතු කර එයට ප්‍රමාද ගාස්තුවක් ද එකතු කිරීමෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.

මෙම ප්‍රමාද ගාස්තු එකතු කිරීමත් සමඟ ජල ගාස්තුව ලක්‍ෂ ගණන් වූ බවයි එහි පදිංචිකරුවන් පවසන්නේ.

පදිංචිකරුවන්ගේ ඉල්ලීමෙන් අනතුරුව අදාළ බිල්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් අඩු කර තිබුණත්, ප්‍රමාද ගාස්තුව කපාහැර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.