― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනොමිලේ රුධිර පරික්ෂාවකට ආ අයෙක්ට ඒඩ්ස්

නොමිලේ රුධිර පරික්ෂාවකට ආ අයෙක්ට ඒඩ්ස්

නොමිලේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනකින් රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණි පුද්ගලයෙකු ඒඩ්ස් වෛරසය ශරීර ගතව ඇති අයෙක් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය හා මහනුවර මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට සිදු කළ රුධිර පරීක්ෂණ වැඩසටහනකදීයි මෙම කරුණු අනාවරණ වී ඇත්තේ.

මෙහිදී පුද්ගලයින් 386 දෙනෙකු රුධිරය පරීක්ෂා කර ගැනීමට පැමිණ තිබුණා. එහිදී ඒඩ්ස් වෛරසය ශරීරගත වූ පුද්ගලයාට අමතරව Syphilis රෝගයට ගොදුරු වූ අයෙකු ද හඳුනා ගත් බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය එම්. අයි. එම් ලතිෆ් පැවසීය.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව සිදු කළ අදාළ වැඩසටහන තුලින් ලබාගත් රුධිර සාම්පල් වාර්තා දින කිහිපයකට පසු ලැබෙන බැවින් අදාළ සියලු පුද්ගලයින්ගේ තොරතුරු ඒකකය සතුව තබාගෙන ඒඩ්ස් හා සමාජ රෝගයට ගොදුරු වූ පුද්ගලයින් දෙදෙනා වහාම ගෙන්වා ප්‍රතිකාර ආරම්භ කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒඩ්ස් වෛරසය ශරීරගත වූ බව නොදත් ලිංගික වශයෙන් සක්‍රීය පුද්ගලයෙකු සමාජයේ සැරිසැරීම ඉතා අවධානම් වන අතර අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවූයේ නම් රුධිර පරීක්ෂණයක් කර ගැනීම අතිශයින් වැදගත් බවයි වෛද්‍යවරයා පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 1991 වසරේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඒඩ්ස් රෝගීන් 303 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් 208 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් ගණන 81ක්.

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 10 දෙනෙකු හා ගැහැණු ළමුන් 04 දෙනෙකු සිටින බවයි වෛද්‍ය ලතිෆ් මහතා ප්‍රකාශ කළේ. මෙම වසරේ ගතවූ කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ කාලය තුළ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකු මියගිය බවයි මහනුවර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පෙන්වා දුන්නේ.