― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දියාවෙන් ගෙන්වූ සහල් සාම්පල්වල බැර ලෝහ

ඉන්දියාවෙන් ගෙන්වූ සහල් සාම්පල්වල බැර ලෝහ

මෙරට පවතින සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ගෙන්වූ ‘පොන්නි සම්බා’ සහල් මෙට්‍රික් ටොන් 50,000ට අදාළ සහල් සාම්පල හයක් පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ අඩංගු බවට අනාවරණය වී තිබෙනවා.

පසුගියදා කැබිනට් මණ්ඩල විසින් මෙරට සහල් හිඟහයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට අනුමැතිය ලබා දුන්නා.

උත්සව සමයේදී මහා පරිමාණ සහල් වෙළෙඳුන් කීරි සම්බා තොග සඟවා වෙළෙදපොළට නිකුත් නොකිරීම නිසා මේ දිනවල රට තුළ කීරි සම්බා හිඟයක් පවතී.

මේ හේතුව නිසා ඉන්දියාවෙන් කීරි සම්බාවලට ආදේශකයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් අවසරය ඉල්ලා සිටියද, කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කියා සිටියේ ආනයනය කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 ක් විය යුතු බවයි.

ඒ අනුව පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000ක් පමණක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබා දුන්නේය. රජයේ ආයතනයක් හරහා මෙම පොන්නි සම්බා තොගය ආනයනය කිරීමට නියමිතව තිබුණි. නමුත් අදාළ ආනයනයට පෙර සහල් සාම්පල හයක් මෙරටට ගෙන්වා කරන ලද පරීක්ෂා කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම සාම්පල පහකම බැර ලෝහ අඩංගු බවයි. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදීද කතා බහට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මෙරට සම්බා සහල් අවශ්‍යතාවය සපුරාලීම සඳහා වෙනත් ආයතනයක් හරහා පොන්නි සම්බා තොග ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.