― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීන ජාතිකයෙක් ගුවන් යානයේදී ලක්ෂ 50ක් උස්සලා

චීන ජාතිකයෙක් ගුවන් යානයේදී ලක්ෂ 50ක් උස්සලා

ඕමාන ගුවන් සේවයට අයත් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා (ඇමෙරිකානු ඩොලර් 14,000 ක) මුදලක් සොරා ගත් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය සහ ගුවන්තොටුපොළ සංචාරක පොලිසිය (13) දින රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළා.

47 හැවිරිදි ලෙබනන ජාතික ව්‍යාපාරිකයෙකු සිය මවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇය සමග (13) දින උදෑසන 07.20 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ මව මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ආසන වල පැමිණ තිබූ අතර ඔවුන් සමග චීන ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු ද පැමිණ තිබුණා.

මෙම ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය ගුවන් යානය තුළ, මගී ආසනවලට ඉහළින් ඇති ගමන් මලු රදවනය තුළ තැබීමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය රාත්‍රී කාලයේ ගමන් කරමින් තිබූ අතර ගුවන් යානය තුළ විදුලි පහන් නිවා දමා, ගුවන් මගීන්ට සුවදායක නින්දක් සදහා අවශ්‍ය පසුබිම සකස් කර තිබුණි. මේ අවසරයෙන්, මෙම ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ සිටි චීන ජාතිකයා, ලෙබනන ජාතික ව්‍යාපාරිකයාගේ අත් බෑගය විවෘත කර, එහි වූ මුදල් පසුම්බියේ තිබූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල සොරා ගෙ , ඒ වෙනුවට ඊජිප්තු මුදල් ඒකකයේ පහේ නෝට්ටු 18 ක මිටියක්, එම මුදල් පසුම්බිය තුළට දමා තිබේ.

මේ කිසිවක් නොදත් ලෙබනන ව්‍යාපාරිකයා, ගුවන් යානයෙන් බැස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වූ බැංකු වෙත පැමිණියේ සිය ඇමෙරිකානු මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කර ගැනීමටය. එහෙත් තම පසුම්බියේ වූ ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදල අස්ථානගත වීම පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ සංචාරක පොලිසිය සහ ගුවන්තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කිරීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මේ පිළිබඳ දැනට අතුරුදන් වී ඇති චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.