― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsදේශබන්දුට ලක්ෂ 05ක වන්දි ගෙවන්නැයි නියෝගයක්

දේශබන්දුට ලක්ෂ 05ක වන්දි ගෙවන්නැයි නියෝගයක්

2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස නියෝග කළා.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැත්තකු ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.