27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගේ ප්‍රකාශයට විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධය

ජනපතිගේ ප්‍රකාශයට විදුලි ඉංජිනේරුවන්ගේ විරෝධය

විදුලි ඉංජිනේරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමය විරෝධය පළ කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ගල් අඟුරු සහ ෆොසිල ඉන්ධන හරහා කොමිස් ලබාගන්නා බවට ජනාධිපතිවරයා පසුගියදා (13) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එම ප්‍රකාශයට විරෝධය පළකරමින් අද (15) දිනයේ විශේෂ ලිපියක් ජනාධිපති කාර්යාලයට භාරදෙන බවයි එම සංගමය සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීමටත්, ලංවිම ඉංජිනේරුවන් ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කර ඇති බව ඉස්මතු කිරීමටත් අදාළ ලිපිය යොමු කරන බවයි වාර්තා වන්නේ.

පරස්පරතා ඇත්නම් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් අදාළ ලිපිය මඟින් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.