― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපොලිස්පති මහජන සහන දිනය අද සිට

පොලිස්පති මහජන සහන දිනය අද සිට

අද (15) දිනයේ සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පොලිස්පති මහජන සහන දිනය වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තීරණයක් අනුවයි මෙලෙස අද (15) සිට යළි ආරම්භ වන්නේ.

අද (15) දිනයේ සිට රජයේ නිවාඩු දින හැර සෑම සිකුරාදා දිනකම පෙරවරු 9.00ට පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙනවා.

ඒ අනුව පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට අපේක්ෂිත සහනයක් නොලැබුන හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මෙහි දී පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සෑම සිකුරාදා දිනයකදීම මහජන සහන දිනයට පැමිණීමට බලාපොරොත්තු වන බවයි.