27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාදු ගං මෝයේ ගිලී සිසුවෙක් අතුරුදන්

මාදු ගං මෝයේ ගිලී සිසුවෙක් අතුරුදන්

අහුංගල්ල, මෝදරවත්ත මාදු ගං මෝයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (14) දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක සිසුවෙක් බවයි.

මෙම සිසුවා බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසට පවුලේ සමාජිකයින් සමඟ පැමිණ සිටියදී, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බව පවසා මාදු ගං මෝයේ දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී සිසුවා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර සිසුවා සොයා අහුංගල්ල පොලිසිය සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.