― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsජලාශ 50ක වාන් දොරටු විවර වෙයි

ජලාශ 50ක වාන් දොරටු විවර වෙයි

මේ දිනවල ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ සඳහන් කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබන්නේ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙසයි.

එමෙන්ම නිල්වලා ගඟ පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමද තවදුරටත් බලාත්මකයි.