කොළඹ ප්‍රදේශයේ සිටින යාචකයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.
නගර සභා, මහ නගරසභා 65ක් තුළ මෑතකදී යාචකයන් පිළිබඳ කරන ලද සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බස්නාහිර පළාතේ පමණක් යාචකයන් 1,618ක් සිටින බවයි.
සමාජසේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ නගර සභා මහ නගර සභා ආසන්නයේ සිටින යාචකයන් සංඛ්‍යාව 3,661ක් බවයි.
පසුගිය කොරෝනා සමයෙන් පසු ඇතැම් පවිත්‍රතා ආයතන වැසී යෑමත් සමග එම ආයතන සේවක පිරිස්ද යාචකයන් අතරට එක්ව ඇති බවත්
කොළඹ විදුලි සංඥා පුවරු අසළ සිටින යාචකයන් වැඩි දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත් මෙමගින් හෙළිදරවු වී තිබෙනවා.
සමාජ සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දැනට පිහිටුවා ඇති රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 500කට අධික පිරිසකගෙන් පිරී පවතින බවත් මෙතෙක් එහි පාලනය දකුණු පළාත් සභාව විසින් සිදුකළ නමුත් එය ලබන ජනවාරි 02 වැනිදා සිට මධ්‍යම රජය යටතට ගන්නා බවත්ය.