28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ ජනවාරියේ

හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ ජනවාරියේ

ලබන ජනවාරි මස 13 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ හෙද කාර්ය මණ්ඩල ධාරිතාවය වැඩි කිරීම සඳහා අයදුම්පත් යොමු කළ හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

ඒ අනුව 2019/2020 අපොස උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශවලින් සමත්වී හෙද පුහුණුව සඳහා අයදුම් කළ පිරිස උදෙසා සිසු හෙද පුහුණුවට තෝරා ගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සලසුම් කර තිබෙනවා.