27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියක් දූෂණය කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් දූෂණය කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 14 යි මාස 06 ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරිත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව කියන හමුදා සාමාජිකයෙකු ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට ගැමුණු හේවා බල ඇණියට අනියුක්තව සේවය කරන 18 හැවිරිදි අයෙකු බවයි.

නවගත්තේගම, වෙලේවැව පදිංචිකරුවෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපහරණයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අද (19) ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.