29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව කොවිඩ් ප්‍රභේදය ගැන WHO විමසිල්ලෙන්

නව කොවිඩ් ප්‍රභේදය ගැන WHO විමසිල්ලෙන්

කේරළයෙන් පළමු වරට හඳුනාගත් ජේ.එන්.1 නැමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

මෙම ජේ.එන්.1 නමැති කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අමතරව සිංගප්පූරුවේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ද කොවිඩ් ආසදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන අතර ජේ.එන්.1 නැමැති නව වෛරස් ප්‍රභේදය ඊය හේතුව වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ජේ.එන්.1 යනු කොවිඩ් 19 ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදයේ බී.ඒ.2.86 නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

බය වෙන්න හේතුවක් නැහැ, ජේ.එන්.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. මෙම වයිරසය මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙලා. ඒ ගැන අවධානයෙන් පසුවීම වැදගත්. මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මඟින් මෙයින් ආරක්ෂා වෙන්න පුළුවන්” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.