26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 2,296ක් අත්අඩංගුවට

පැය 24කදී යුක්තියේ මෙහෙයුමෙන් 2,296ක් අත්අඩංගුවට

අද (20) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ ‘යුක්තිය’ පොලිස් විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් සැකකරුවන් 2,296ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 109 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකර බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් 184 දෙනෙකු යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 218 දෙනෙක් ද මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර සිටින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝ 11යි ග්‍රෑම් 600ක්, හෂීෂ් ග්‍රෑම් 253ක්, මාවා කිලෝ 46යි ග්‍රෑම් 285ක්, ඈෂ් ග්‍රෑම් 73ක්, කුෂ් ග්‍රෑම් 90ක්, මත්පෙති 19507ක් සහ ගංජා පැල 126,060ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.