25 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඥාති සොහොයුරියට හදි කළ තරුණයෙක් අත්අඩංගුවට

ඥාති සොහොයුරියට හදි කළ තරුණයෙක් අත්අඩංගුවට

තම ඥාති සොහොයුරියක් ලිංගික අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වන අතර මොහු වසර දෙකක් පුරා ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දැරියක් වරින් වර අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක් උපයෝගී කර ගනිමිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

පොලීසිය පවසන්නේ මෙය ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම බවයි.

සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝගත කර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 01වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.