25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ පැවැත්වුණා.

මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දීයි මෙම උත්සවය පැවැත්වුණේ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්සවය සංවිධාන කර තිබුණේ 50 වැනි වරටයි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන පිරිනැමුණා.