26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot News2024 දී මගී නෞකා 35ක් කොළඹ වරායට

2024 දී මගී නෞකා 35ක් කොළඹ වරායට

නව වසරේ එලැඹෙන සංචාරක සමයත් සමග සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ පවසනවා.

ඒ අනුව ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ.

මේ නිසා එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරනායක තටාකය පිහිටි ජැටිය යොදා ගැනීමටත්, එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමටත් අමාත්‍යවරයා වරාය අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මීටර් 350 ක් දිගින් යුතු විශාල නෞකා 03ක් එකවර පැමිණියත්, එම මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට හැකියාව ලැබෙනු ඇති.

එම බණ්ඩාරනායක තටාකයේ සංවර්ධන කටයුතු සිදු කරන තෙක්, පැරණි මගී පර්යන්තය තුල සහ ඒ අසළ සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබා දීමටත්, අවන්හල් සහ වෙලඳ භාණ්ඩ අලෙවි සැල් පවත්වාගෙන යාමටත්, අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය විසින් ක්‍ෂණික වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.