27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 920ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට

ලක්ෂ 920ක නීතිවිරෝධී වත්කම් පොලිස් භාරයට

‘පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ යුක්තිය’ මෙහෙයු‌මෙන් ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපළ භාරයට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි යන පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් සහ දේපල රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස භාරයට ගත් දේපල අතර බස් රථ 3 ක්, කාර් රථ 2 ක්, යතුරුපැදි 2 ක් තෙමහල් නිවසක් ඇතුළු ඉඩම් 4 ක් සහ රත්තරන් පවුම් 50 ක් සහ මුදල් 123000 ක් වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.

⁣තහනමට ගත් දේපොළ සහ මුදල්වල වටිනාකම ලක්ෂ 920කට ආසන්න බවයි තක්සේරු කර ඇත්තේ.