23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපූර්ණ ආබාධිත තැතැත්තන්ට අද සිට ඡන්ද හැඳුනුම්පත්

පූර්ණ ආබාධිත තැතැත්තන්ට අද සිට ඡන්ද හැඳුනුම්පත්

පූර්ණ ආබාධිත තැනැත්තන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ විශේෂතා හඳුනා ගැනීමට අදාළව තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (21) සිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ එම තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සමාරම්භක උත්සවය පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද (21) පෙරුවරු 10ට පැවැත්වෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව, ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සංවිධානය, පැෆරල් සංවිධානය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

දෙසැම්බර් මස 03 වැනිදාට යෙදුණු ආබාධ තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙලෙස තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බවයි ඔහු පැවසුවේ.