― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදුවට විරෝධයක්

රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදුවට විරෝධයක්

රාජ්‍ය සේවකයන්ගේ පවතින ගැටළු විසඳනවා වෙනුවට පවතින නිවාඩු දින ගණන කප්පාදු කිරීමට තම සංගමය විරෝධය පල කරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පවසයි.

රාජ්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීම වෙනුවට රාජ්‍ය සේවකයන්ගේ දැනට පවතින නිවාඩු වසරකට 25 දක්වා කප්පාදු කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු 15ක් වශයෙන් නිවාඩු අඩු කරන ලෙස එමඟින් යෝජනා කර තිබේ.

ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ තෝරු මෝරුන්ගෙන් කප්පාදු කළ යුතු වියදම් හාල්මැස්සන්ගෙන් කප්පාදු කරන බව මෙයින් හැඟී යන බවයි.

2016 වසරෙන් පසුව රාජ්‍ය සේවයට පැමිණෙන පිරිසට විශ්‍රාම වැටුප් හිමිකම කප්පාදු කිරීම, පවතින ජීවන වියදමට සරිලන වැටුපක් රාජ්‍ය සේවකයාට නොලැබීම, ඔවුන්ගේ අවුරුද්දකට වැඩිවෙන වැටුප් වර්ධකයක අගය රුපියල් 350 – 400 අතර පැවතීම සහ දේපළ ණය නතර කිරීම ඇතුළු ගැටලු බොහොමයක් තිබියදී ඒවාට විසඳුම් නොදී වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කිරීම අසාධාරණ බවයි ඔහු අවධාරණය කළේ.