27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ඇඳුම් මහන ටේලර් මත්කුඩු සමඟ මාට්ටු

පොලිස් ඇඳුම් මහන ටේලර් මත්කුඩු සමඟ මාට්ටු

කළුතර ප්‍රදේශයේ පොලිස් නිළධාරීන්ට සහ බන්ධනාගාර නිළධාරීන්ට නිළ ඇදුම් මසන ටේලර්වරයෙකු හෙරෝයින් මත්කුඩු තොගයක් සමඟ ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ මැහුම්හලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර, පනාපිටිපාර ප්‍රදේශයේදී සැකකරු පරීක්ෂා කිරීමේදී ඇද සිටි ඇඳුමේ සඟවාගෙන පොලිතින් කවරයක බහා තිබූ හෙරොයින් ග්‍රෑම් 7.880 ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.